මා දමා ඔබ ගිය දාmaa dhamaa oba giya dhaa

Ma Dama (pabalu paalama theme song)

Lyrics

මා දමා ඔබ ගිය දා පටන් තාම නෑ මට නින්දක් 
ඔබ දමා මා ආදා පටන් ජීවිතේ මහ නින්දක් 
හීනෙන් ඇවිත් තාමත් හිඳී ලඟින් ඉඳන් නින්දත් බිඳී
හීනෙන් ඇවිත් තාමත් හිඳී නුඹම පමණි මගේ ජීවිතේ...

දවසක නුඹ ආයෙත් හසරැලි ගෙන ආවොත්
කඳුලැලි පිස දෑසින් හිනැහෙන්නට ආයෙත්
මා මගේ ගින්නෙන් මිදී ලගට ඇවිත් ඉස්සර වගේ...//

දවසක නුඹ ආයෙත් හසරැලි ගෙන නාවොත්
කඳුලැලි පිරි දෑසින් වැලපෙන්නට ආයෙත්
මා මගේ ගින්නෙන් දැවී ගිනි උහුලමි හැමදා ඉතින්
මා මගේ නින්දේම හිඳී අවදි නොවෙමි කිසිදා ඉතින්...

මා දමා ඔබ ගිය දා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.