Lyrics
(මා ආදරෙයි නංගියේ මා ආදරෙයි
මගේ ආදරේ මුතුකැට මෙන් සාගරේ
නැලවී නැලවී හිනැහී හිනැහී
හදෙහී සැමදා පවතී...//)
(ඔබේ සුරතල් මුහුණ බලන්නට මම හරි ආසයි
ඔබේ බොළඳ කතා අසන්නට මම හරි ආසයි...//)
සෙල්ලම් කරලා මිදුලේ දුවලා
ජම්බු වගේ ඔබේ මුහුණ
රතු වෙනවට ආසයි
මා ආදරෙයි නංගියේ....
(සංඩු කරන්නට මා හා සැමදා හරි සූරයි
බිංදු බිංදු වැස්සේ සෙල්ලම් කරන්න ආසයි...//)
පාඩම් කරලා මිදුලේ දුවලා
ජම්බු වගේ ඔබේ මුහුණ
රතු වෙනවට ආසයි
මා ආදරෙයි නංගියේ....//