මා ආදරණීය මගේmaa aadharaniiya magee

Ma Adaraneeya Mage

Lyrics

මා ආදරණීය මගේ අම්මා වෙතටයි...
මේ ලියන්නේ ආරක්ෂක කඳවුරේ සිටයි...
අපි ඉපදිලා ඉන්නෙ අපෙ රට රැකගන්නයි...
මා කැප උනේ ඒ යුතුකම ඉටු කරලන්නයි...
අම්මෙ මා කැප උනේ ඒ යුතුකම ඉටු කරලන්නයි...

අව්ව වැස්ස රෑ දාවල් එකයිනේ අපට..
එකම හිතින් ඇවිත් ඉන්නෙ අපි සේවයට...
කිසිම භයක් දැනෙන්නෙ නෑ කොහොමත් සිතට...
සේවය කරනෙමි මිය යන තුරු ලක්බිමට...//

වීර පුතුන් බිහිකර රට රකින්න පුදනා... 
අම්මවරුන් පා යුග වැඳ පුදන්න ඕනා ...
අම්මේ ඔබ කල සේවය සදහට අගනා...
ඉතිහාසයෙ ලියවෙයි මතු දිනයක සොඳිනා...//

අම්මේ මම සිතුවේ මේ ලිපිය ලියන්න...
මේ සටනින් මා මියගිය දවසක ඔන්න...
මා මෙහි නැති අඩුපාඩුව මකා දමන්න...
බාල පුතත් හමුදාවට භාර කරන්න...//

මා ආදරණීය මගේ.../ 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.