ලොවෙන් අඩක් සුව නින්දේlowen adak suwa nindhee

Lowen Adak Suwa Ninde

Lyrics

ලොවෙන් අඩක් සුව නින්දේ
ඔබ පමණක් ලතැවිල්ලේ
යශෝධරා... වුණාත් ළඳේ
මම සිදුහත් කුලේ නොවේ.....

(නිදිබර නෙත කඳුළු දොවා....//)
එපා මා නෙත සතපවන්න
මගේ දෙනෙතට දෙනෙත තියා
ආදරයේ තරු ගනින්න......

ලොවෙන් අඩක්......

(සියුමැලි ඔය ඇඟිලි තුඩින්...//)
එපා මා හිස පිරිමදින්න
මධු බඳුනට පෙම් කළ මා
ඔබේ පෙමින් මුදාලන්න.....

ලොවෙන් අඩක්......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.