ලොවම ඔබේ ළඟlowama obee langa

Lowama Obe Langa

Lyrics

ලොවම ඔබේ ළඟ 
දනින් වැටී අද පවසයි 
මගෙ වේදනා කථා 
නපුරු වුණේ ඔබ කෙලෙස 
මගේ හිත විමසයි 
කඳුළට තුරුළු වෙලා 
විමසයි කඳුළට තුරුළු වෙලා..... 

අතීතයේ තතු දන්නා යහළුවො 
ලතැවෙයි මගෙ නෙතු කඳුළු බලා 
ජීවිතයම මගෙ අඳුරු කලේ ඔබ 
කීවත් ලොව මා නිහඬ වෙලා.... 

ඔබේ ලොවේ මල් පැතුම් පිපේ 
අද කඳුළින් මට වේදනා තබා 
ඒ කඳුළට මගෙ සෙනෙහස පුද දී 
තනිවෙමි සුබ මංගලම් කියා.....

ලොවම ඔබේ ළඟ.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.