ලොකු සීන් එපාloku siin epaa

Loku Scene Epa

Music:
චානක තිලකරත්නchaanaka thilakarathna
Lyrics:
චානක තිලකරත්නchaanaka thilakarathna

Lyrics

ඔබට මං ආදරේ වැඩි හින්දා
රූපෙට පිස්සු වැටිලා හින්දා
ඉවසන්නම් ඔබේ ඔය ලොකු කථා
මට ඔබ නැතුවත් බෑ කියලා 
කොහොම දන්නවාද මංදා
ඒකද ගෑස් ඔය තරම් මට දැන් එපා වෙලා...

ඔබේ ඔය මෘදු සිනාවට
වඩා හොඳ මල් සිනාවන්
ඇති කෙල්ලෝ ඕන තරම් මට love කරා
අහනකොට ලොකු කථා ඔබේ
ඔලුව මගේ රිදෙනවා අනේ
ඔබ නැත්නම් වෙන කෙල්ලෝ මට ඉන්නවා
ඉන්නවා ඉන්නවා ඉන්නවා...

කොච්චර කිව්වත් මට ආසයි ඉන්නට ළංවෙලා
ඇත්තට මම දන්නවා ඔබ ලස්සනයි කියා
මා නැතුවත් බෑ කියා ඔබේ ඇස් මට කියනවා
ඒ නිසා please ලොකු scene එපා...

ඔබේ ඔය මෘදු සිනාවට...

මට ඔබ නෑ කියා පාඩුවක් වෙයි කියා
හිතෙනව නම්  please මේක දැනගන්නවා...

ඔබේ ඔය මෘදු සිනාවට
වඩා හොඳ මල් සිනාවන්
ඇති කෙල්ලෝ ඕන තරම් මට love කරා...
ඒ නිසා please ලොකු scene නම් තියාගන්න එපා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.