Lyrics
ලෝකෙට ලොක්කා මං තමයි ගම දුනියාවේ
මේ වගෙ ලොකුකම් කවුරු කරාවිද ලංකාවේ
හඳට රොකට් එක අරන් ගියේ මං
හදේ ලයිට් එක හයි කෙරුවේ මං
ඒ වැඩ ඔහෙලට පුරුදු කරේ මං
ලෝකෙට ලොක්කා...
මම හුලැඟිල්ලෙන් අලි පෙරලනවා
මගෙ පිටි අල්ලේ ට්‍රොලි බස් යනවා
මගේ ඔළුව උඩ නැව් නවතිනවා
මම කට ඇරියම ලෝකෙම හෙල්ලෙයි
මගෙ අඩි පාරට පොලවත් හිල් වෙයි
මගෙ හුස්මට කළු ගල් ගිනි දැල්වෙයි
හදේ ලයිට් එක...
ඉර පායන්නට මම අණ දෙන්නේ
මම කීවාමයි ඒක බහින්නේ
මමයි ඉරේ රශ්මිය සාදන්නේ
කෝච්චියක් මම හතරට නැව්වා
මම මහවැලි ගඟ උගුරට බිව්වා
පිදුරුතලාගල උස්සල තිබ්බා
හදේ ලයිට් එක..