ලෝකෙන් උතුම් රටlooken uthum rata

Loken Uthum Rata

Music:
ඔස්ටින් මුණසිංහostin munasinha
Lyrics:
සුනිල් ආරියරත්නsunil aariyarathna

Lyrics

පෙර රජ දවස වැව් දාගැබ් ගණන් කොට
ගල් කණු අතර හප කරමින් බුළත් විට
ඇවිදින විටත් නිදියන දූ පුතුන් ලද
මේ මගෙ නිජ බිමයි ලෝකෙන් උතුම් රට

කහට කෝප්පේ පොඟවා ගිලින්නට
පාන් කැබැල්ලක් යදිනා දනන් හට
ඇස් නැත සිදුව ඇති දේ ගැන දකින්නට
එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට

රැවටී සුවහසක් බොරු කාරයින් හට
පාඩම් ලබා නැත යුග යුග ගනන් සිට
දෑසේ කඳුළු ඉතිරිව නැත අඬන්නට
එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට

උගසට තබා මගෙ රට පිට රටුන් හට
ලොව බලවතුන් අභිමුඛයේ දනින් සිට
සිගමන් යදිමු සාගින්දර නිවන්නට
එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.