ලෝකේ ජීවත් වන්නටlookee jiiwath wannata

Loke Jeewath Wannata

Music:
ප්‍රේමසිරි කේමදාසpreemasiri keemadhaasa
Lyrics:
ධර්මසිරි ගමගේdhharmasiri gamagee

Lyrics

චිත්‍රපටය : ජනක සහ මංජු  (1978)

(ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ
ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙකු ඕනෑ වේ...//)
මංජු... මංජු... 

වසන්ත සමීරෙ විමානේ උපන්නියා
අනත්ත දයාව සෙනෙහේ විදින්නියා
කිරිල්ලි කැදැල්ලේ කුමක්ද සදන්නියා
තුරුල්ව නිදන්න තො‍ටිල්ල තනන්නියා

ලෝකේ ජීවත් වන්නට....

‍යොවන සුළගේ මල් අතු නෑමී ගියා
සමනල වයසේ සිතුවිලි සැලී ගියා
සියුමැලි මා සිත ඔබ වෙත ඇදී ගියා
හදවත දොගොඩින් සෙනෙහස ගලා ගියා

ලෝකේ ජීවත් වන්නට...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.