ලෝක සූරයා අපේlooka suurayaa apee

Loka Sooraya Ape

Lyrics

ලෝක සූරයා අපේ සුපිරි වීරයා 
ඉතිහාසය අලුතෙන් ලිව්වා 
ක්‍රිකට් ලෝකයේ බලවතුන් වෙව්ලුවා 
ජයසූරිය නාමය අහලා... 

මාතර කොල්ලා මුළු ලෝකෙම හොල්ලා 
ක්‍රිකට් ලොවේ සක්විති රජ වූවා 
ගී උපහාරේ පුද කරමු යාළුවේ 
සනා නමට හද මල් පිපුණා...

කටේ කිරි සුවඳ යන්නට පවා බැරි වුණා 
ක්‍රිකට් පිත්ත සනත් පුතුගේ අතට හුරු වුණා 
අනාගතේ විරුවෙක් වන ලකුණු දිස් වුණා 
කොයි කාගෙත් ආසිරි මැද සනා මතු වුණා 
රුහුණු පුරෙන් අගනුවරට සනා පැමිණියා 
ලෝකය හොල්ලන ගමන ඔන්න ඇරඹුනා 
දිනෙන් දිනම ක්‍රිකට් ලොවේ ඉදිරියටම ගියා 
ජයසූරිය යන නාමය නිතර කියැවුණා 

මාතර කොල්ලා...

කලූ සමග එකතු වෙලා ලොවටම ගැහුවා 
ලෝක කුසලානේ ගන්න එයම මුල් වුණා 
එකපිට එක අලුත් වාර්තා බිහි කෙරුවා 
ටෙස්ට් තරඟ වලිනුත් විස්කම් පෙන්නුවා 
රොෂාන් සමග බාරයකට ඔහු වැට දුන්නා 
ලාරාගේ වාර්තාව කිට්ටුවටම ගියා 
නොසිතු ලෙසින් දැවී ගියත් එදා වැරදිලා 
ලාරාගේ වාර්තාව හෙට බිඳිනා 

මාතර කොල්ලා...
ලෝක සූරයා...
මාතර කොල්ලා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.