ලෝ යුක්ති ධර්මේloo yukthi dhharmee

Lo Yukthi Dharme

Lyrics

ලෝ යුක්ති ධර්මේ නීති කෝ දෙවිදේ කියන්න පහදා

ලෝ ධර්මය මෙය ද දෙවියනේ දුක ඇයි මේ විඳින්න වූයේ
ආලෝකයේ පෙනෙන්නෙ දැන් මට අන්ධකාර වාගේ
ලෝ ධර්ම මෙයද දෙවියනේ

ඇයි වාසනාව මා දමා ඇයි මා හිතින් ඉවත් වී
අප වෙන්කලා මේ ලෝකේ ගිල්වා දමා අඳුරේ
දැන් මා කොහොදෝ යන්නේ එන්නේ කොහොදෝ නොදැනේ
ආලෝකයක් පෙනෙන්නේ දැන් මට අන්ධකාර වාගේ
ලෝ ධර්මය මෙය ද දෙවියනේ

දුක වේදනාව ශෝකේ ගංගාවක් සේ ගලන්නේ
දිනූ දා පටන් මේ ලෝකේ අද මංසලක් නොගෙව්වේ
මගෙ නංගි ඇයි අඩන්නේ මෙය නේද පූර්ව කර්මේ
ආලෝකයක් පෙනෙන්නේ දැන් මට අන්දකාර වාගේ
ලෝ ධර්ම මෙය ද දෙවියනේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.