ලෝතුල පූජිත යුගloothula puujitha yuga

Lo Thula Poojitha Yuga

Lyrics

ලෝතුල පූජිත යුග යුග වන්දිත
ජය ජය සිරි ලංකා භුමි 
රැක්මට පිබිදී එක්වෙමු දිවිදී 
ලක් වැසියනි දෑ හිතකාමි....

වාද බේද අමනාප වෙනස්කම් 
කැප කොට රට හින්දා 
ජාතික දියුණට ජාතික රැකුමට 
එක්වෙමු කොඩි බන්දා....

දඹුල්ලේ සීගිරි කලා නිකේතන 
දෙන ජාතික ආලේ 
පොලොන්නරුව අනුරාපුර නටබුන් 
නොනැසෙයි කිසි කාලේ....

විනාශකාරී කඳවුරු වාදය 
වියවුල් පිට දකිමු
අපේම  ජාතිය අපේම ආගම 
අපේම රට රකිමු....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.