ලියුම ලියාලාliyuma liyaalaa

Liyuma Liyala

Lyrics

ලියුම ලියාලා ගුවන් තැපෑලෙන් ඔබට තැපැල් කෙරුවා
ඔබට ලැබේදැයි නොලැබේදැයි හිත වාවනු බැරුවා //

උපාධි කොලපත මාත් සමඟ අද හඬනවා කුසගින්නේ
මගේ උගත්කම ළිඳක් නොදුටු හිස් කලගෙඩියක් වන්නේ
මසුරන් පොදකට හිමිනම් නැති මට ඔබ ඇයි පෙම් කෙරුවේ
මගේ දිනිඳුකම කීවෙමි කුමරිය සරසවියේ මිදුලේ

ලියුම ලියාලා ..........

මසුරන් පොදකට හිමිනම් නැති මට ඔබ ඇයි පෙම් කෙරුවේ
මගේ දිනිඳුකම කීවෙමි කුමරිය සරසවියේ මිදුලේ
එපිට විදේශෙක රැකියාවට ගොස් ඔබ මා කැඳවන්නේ
ඔබටත් ආදර කුමරියේ කොහොමද උපන් බිමෙන් එන්නේ

ලියුම ලියාලා ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.