ලියතඹරාliyathambaraa

Liyathambara

Lyrics

(ලියතඹරා මුදු කුසුමකි ඈ
තවුසන්ගේ දැහැනේ සම බිඳිනා
නෑ ලෝකෙ ජීවේ ඇයයි
නෑ ලෝකෙ ජීවේ ඇයයි...//)

මායාව මායාව ‍ලොව රවටනා
සිහිනයකි සිහිනයකි අඳුරෙ පාවෙනා
වීණාවෙ තත් නගන මුදු ස්වරෙ ඇයමයි
මා හදට රස ගෙනෙන මදුවිත ඇයයි

ලියතඹරා....

මිරිඟුවකි මිරිඟුවකි අප රවටනා
දුර ඈත සිතිජයකි ඉම නොපෙනෙනා
නිල් නයන බිඟු දැලකි නෙත් සරය සුමුදුයි
මගෙ ජීවෙ වැලි කතරෙ දිය බිඳ ඇයයි

(ලියතඹරා මුදු කුසුමකි ඈ
තවුසන්ගේ දැහැනේ සම බිඳිනා
නෑ ලෝකෙ ජීවේ ඇයයි
නෑ ලෝකෙ ජීවේ ඇයයි...//)
නෑ ලෝකෙ ජීවේ ඇයයි..
නෑ ලෝකෙ ජීවේ ඇයයි..

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.