ලිහිණි හෙළlihini hela

Lihini Hela

Music:
රුවන් වල්පොලruwan walpola
Lyrics:
මංජුල වෙඩිවර්ධනmanjula wediwardhhana

Lyrics

මේ මේකුළු ගොමුවේ
මා ඇයමය හෙව්වේ
ඈ එලුපුල් මල සේ හිනැහී
රෑ ගණදුර නිව්වේ
 
ලිහිණියේ දෑසේ කිමිදුණා
නින්නාදයේ රහසින් හිනැහුණා
මිහිදුමේ සුසුමේ වෙලුණා
 
මේ හෙළේ පතුළත
සැතපුණු දා හදවත
දැනුණා ජීවිතේ දැනුණා

ලිහිණියේ දෑසේ සැඟවුණා
සන්තානයේ සිහිනෙන් ඇහැරුණා
මිහිදුමේ පා වෙවී රැඳුණා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.