ලෙන්ගතු පෙම මැසිවිලි නැගුවා ඇතිlengathu pema maesiwili naeguwaa aethi

Lengathu Pema

Lyrics

ලෙන්ගතු පෙම මැසිවිලි නැගුවා ඇති 
අපමණ සිතුවිලි දයාබරයි 
ඉටු නොවෙනා බව දැන සිටිනාමුත්
ඔබම පතා සිත පෙරුම් පුරයි

ඇස හැර බැලුව ද නිදි ලොව සැරුව ද
මා නෙතු විමසන එකම රුවයි//
ළය මත පිබිදුණු උණුසුම රදවන
සිහිලස පිරි ඔබ නවාතැනයි

ලෙන්ගතු පෙම...

ලොව ගැරහුම් සැඩ පහරක් වුවද
අසම්මතේ පෙම්  මල් පුබුදයි//
වෙන්වීමක් ගැන සිත අහලක නැති
මගෙ සිත ඔබ හි ගමන් කරයි

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.