Lyrics
ලෙන්ගතුකම වැඩි හින්දයි උදේ හවා ඔබ සිහි වෙන්නේ
නොදැක ඉන්න බැරි හින්දයි නෙතු අද්දර කඳුළු පිරෙන්නේ
අනන්තයට සිත දිව්වත් ඔබ ළඟමයි සිත නවතින්නේ
උන්මාදව ඔබෙ නාමය මගේ තොල් අග ඇයි මිමිනෙන්නේ
නිදි වරමින් රෑ තුන්යම ඔබ ගැනමයි සිතන්නේ
දෑස වැසුන හැම මොහොතෙම ඔබමයි මට පෙනෙන්නේ
ඉහ ඉද්දර ළඟට වෙලා කවදද කවි කියන්නේ
පොරොන්දුවක් දුන්න සිතින් නෑ සරදම් කරන්නේ
ලෙන්ගතුකම ....
හීනෙන්වත් දුරස් වුණොත් කොහොමද දුක දරන්නේ
මුළු ලෝකෙම උරණ වුණත් නෑ මගෙ හිත බිඳෙන්නේ
ආදරයක් කියා දුන්න හිත ළඟ තනි රකින්නේ
පුංචි කෙල්ල මං ඔබ ළඟ දිවි ඇති තුරු රැඳෙන්නේ
ලෙන්ගතුකම ....