ඔය නෙතඟින් පෑ නුරාoya nethangin pae nuraa

ලෙලෙනා - Lelena Oya Nethagin Pe Nura

Lyrics

ඔය නෙතඟින් පෑ නුරා
ගත හිරි වැටී ගියා
නුඹ ළඟට ළඟට හිත ඇදී ගියා

මන බැඳුණු රූ සරා
සුර ලොව මවා තියා
ළඟ දැවටි දැවටි හිත දවා ගියා

ඒ  ලෙලෙනා නුඹේ තිසරු ලැමේ
දිලෙනා දිගු වරල දිගේ
හද මා නුඹ වෙතම යා වුණා

ඒ ලෙලෙනා නුඹේ තිසරු ලැමේ
දිලෙනා දිගු වරල දිගේ
හද මා නුඹ වෙතම යා වුණා නා නා නනනානා

නුඹ වෙතම යා වුණා

දෙන්නැද්ද දැන්වත් කෙල්ලේ හිත  ආහ්
දැන් ගැස්මත් නුඹයි හද මා
ඔය සංකර ගින්දර රැඟුමෙන් මා හද අළු වුණා තමා

නුඹේ බැල්මක් වැටෙන තුරා
වරු ගාණක් බලන් හිටි මා
ඉන්න ආසයි මං හීනෙක අවදි නොවෙන එළිවෙනා තුරා

ඒ දැනෙනා හිත සනහාලන නුඹ මුවේ සිනා
එන්නෙමි නුඹ හා
ගමි කරකාර
මේ හද නුඹේ තමා //

ඒ ලෙලෙනා නුඹේ තිසරු ලැමේ
දිලෙනා දිගු වරල දිගේ
හද මා නුඹ වෙතම යා වුණා //

ඔය නෙතඟින් පෑ නුරා
ගත හිරි වැටී ගියා
නුඹ ළඟට ළඟට හිත ඇදී ගියා

මන බැඳුණු රූ සරා
සුර ලොව මවා තියා
ළඟ දැවටි දැවටි හිත දවා ගියා

ඒ ලෙලෙනා නුඹේ තිසරු ලැමේ
දිලෙනා දිගු වරල දිගේ
හද මා නුඹ වෙතම යා වුණා

ඒ ලෙලෙනා නුඹේ තිසරු ලැමේ
දිලෙනා දිගු වරල දිගේ
හද මා නුඹ වෙතම යා වුණා නා නා නනනානා

නුඹ වෙතම යා වුණානුඹ වෙතම යා වුණා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.