ළය ගින්දරින් (සුදු නෝනේ )laya gindharin (sudhu noonee )

Laya Gindarin (Sudu None)

Lyrics

ළය ගින්දරින් ගිනි ගන්නා රෑ යාමේ
කිම මා සොයා මගේ උදුවප් සඳ නාවේ
හොදටම රිදී නෙතු දොරගුළු බිඳුනාවේ
ජාතිත් ආදරෙයි නුඹටම සුදු නෝනේ //

තරු කැට දෙක තුනක තනිකම මකන්නට
මට බැරිවේවි නුඹ හට මෙන් විටින් විට
වරදින් මිදී නුඹ යලි ආවොතින් ගෙට
වරදක් කියන් නෑ කවදාවත් නුඹට

ලය ගින්දරින් ....

නුඹටම හුරුපුරුදු නැළවිලි නොදත් මම
තනිවම කොහොම පැටවුන් නිදි කරන්නද
දරුවන් නිසාවත් යළි ආවොතින් ගෙට
අහිතක් හිතන් නෑ කවදාවත්ම මම

ළිය ගින්දරින් ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.