Lyrics
ලස්සනයි ආදරේ ගලායන හසරැල්
සුන්දරද ඒ නමුත් නොතිබිලා
එකම එක එකම එක බිඳක්වත් කඳුලැල්//
අත වනයි මදහසක් ඉපදිලා සෙනෙහසක්
ඉතින් අප හිතනවා කියනවා ලියනවා ගයනවා
එකෝමත් එක පොතක් ආදරේ නම් පොතක්
ලස්සනයි ආදරේ...
ළංවෙමින් සිත් දෙකක් ඇතිවෙලා එක සිතක්
ඉතින් අප නැළවිලා දුක්වෙලා හමුවෙලා සැනසිලා
අතින් අත් ගෙන දිනක් සාදමූ කූඩුවක්
ලස්සනයි ආදරේ...//