ලස්සන සමනළයෝ කොහෙන්ද ඔය පාටlassana samanalayoo kohendha oya paata

Lassana Samanalayo Kohenda

Lyrics

ලස්සන සමනළයෝ කොහෙන්ද ඔය පාට
දිස්වෙන පබළු එකින් එක දිලිසෙන දාට
ලෝකෙට සුර ලෝකෙට ලස්සන පිවිතුරු පාට
රන් මුතු බබළයි රන් මෙහෙසිය වූ දාට

විලාසිතා මන බදිනා විලාසිතා 
විලාසිතා නෙතු රදෙනා විලාසිතා 
දිලෙන තරු වලින් නහවෙන විලාසිතා 
මලට පෙති වගේ බබළන විලාසිතා

හමනා සුලගට එක පහයක් එක් වුවොත්
ගලනා මුහුදේ රළ වෙන පහයක් වුවොත් 
අදට වඩා හෙට උපදින නව දවසක් වුවොත් 
අලුත් අලුත් දෙවල් තව ලෝකෙට එක් වුවොත්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.