ලස්සන නම් නෑ පෙනෙන්නේlassana nam nae penennee

Lassana Nam Ne Penenne

Lyrics

ලස්සන නම් නෑ පෙනෙන්නේ
ඉස්සර සුවඳයි දැනෙන්නේ //
එදා සොඳුරු පිය දසුන්
මෙදා සිහිනයකි කසුන්
මතක් වුණත් අමිල සතුටකි
ලස්සන නම් නෑ පෙනෙන්නේ..

උකුල් තලා සලා ආ නාරිලතාවෝ
අමල් සිනා නැගූ රන් චාරුලතාවෝ //
වැයූ වගේ හවුල් වී ගැයූ රඟේ කොවුල් ගී
ඒ යොවුන් ළඳුන් කොහේදෝ

ලස්සන නම් නෑ.....

සවන් පුරා පිරීලා වස්දඬු රාවේ
සුසුම් හෙලයි සිතාරේ නෙත් යුග නෑවේ //
සිතූ සිතුම් සිඳීලා පැතූ පැතුම් බිඳීලා
ජීවිතේ ගමන් විලාසේ ....

ලස්සන නම් නෑ.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.