ලස්සන ලෝකයේlassana lookayee

Lassana Lokaye

Lyrics

සිත සැනසුම දෙන්න සදා
තනි කම නොදැනෙන්න කියා
මහ බඹු මට මැව්ව එයා
හමුවෙනතුරු ඉන්නේ බලා

ඔබ ඉන්නේ කොහෙද කියා
මා සොයනවා ලෝකෙ පුරා
ඔබ දවසක ලැබෙන තුරා
යනවා ආදරේ සොයා

ලස්සන ලෝකයේ මට හිමි ආදරේ
සොයමී ජීවිතේ පාලු මකා
මල් මල් මාවතේ ආදර රන් ලඳේ
ඔබ ලැබෙනා තුරා මා ඉන්නම්

දුර ඈතද ඉන්නේ ඔයා
මේ ලඟමද ඉන්නේ බලා
මා ගයනා ගීය අසා
ඔබ එයිදෝ මාව සොයා

ඔබ ඉන්නේ කොහෙද කියා
මම සොයනවා ලෝකෙ පුරා
ඔබ දවසක ලැබෙන තුරා
යනවා ආදරේ සොයා

ලස්සන ලෝකයේ...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.