ලස්සන හිතක් ඇතිlassana hithak aethi

Lassana Hithak Athi

Lyrics

ලස්සන හිතක් ඇති
ලස්සන රුවක් ඇති.
ඔබට මන් ආදරේ කෙරුවේ
අපරාදේ මේ හැටි
අත්හැරියේ මන් 
ඔය අත් දෙකෙන්
ඔබ යන්නට  හැදුව තැනයි.
බලෙන් කවමදාවත් ලබනු 
බැරි දේ ආදරයයි
ගිය ඔබව නෙමෙයි
දැන් හොයන්නේ මන් 
ඉස්සරම හිටපු මාව
ආදරේ තමයි 
මගේ ජිවිතයේ දැන් තහනම්ම වචනය

ගිය ඔබව නෙමෙයි 
දැන් හොයන්නේ මන්
ඉස්සරම හිටපු මාව
ආදරේ තමයි 
මගේ ජිවිතයේ දැන් තහනම්ම  වචනය

ආදරේ දැනෙන තැනක නතර විලා 
ඉන්නවා ඇති.
දැන් ඔබට මාව මතක නැති වෙලා
ගිහිල්ලා නම් ඇති
සාගරේ ගැබුර මතුපිටින්
පෙන්නේ නැතුවනම් ඇති
ඒ වගේ මන් දාරාන ඉන්න  ගින්න
පිටට නොපෙනුනී  

අත් හැරියේ මන් 
ඔය අත් දෙකෙන්
ඔබ යන්නට හැදුව තැනයි
බලෙන් කවමදාවත් 
ලබනු බැරි දෙනම් ආදරයයි

ගිය ඔබව නෙමෙයි 
දැන් හොයන්නේ මන්
ඉස්සරම හිටපු මාව
ආදරේ තමයි මගේ ජිවිතයේ 
දැන් තහනම්ම වචනය//
 
රත්තරන්  මේ ඉඩොරේ ගෙව්ලා යන්න
යාවි දවසක
වසන්තය ආය එන්නේ
මේ ඉඩොරයත් මකාගෙන
සිදුවෙච්ච  හැම දෙයක්ම
පාඩමක් කියා හිතාගෙන
ජිවිතේ ඉතුරු හරිය මේ අතින්ම 
ලියනවා මම

අත් හැරියේ  මන් 
ඔය අත් දෙකෙන් 
ඔබ යන්නට හැදුව නිසයි
බලෙන් කවමදාවත් ලබනු 
බැරි දෙනම් ආදරයයි

ගිය ඔබව නෙමෙයි
දැන් හොයන්නේ මන් 
ඉස්සරම හිටපු මාව
ආදරේ තමයි 
මගේ ජිවිතයේ 
දැන් තහනම්ම වචනය...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.