ලස්සන දවසක මාlassana dhawasaka maa

Lassana Dawasaka Ma

Lyrics

ලස්සන දවසක මා ඔබ වෙනුවෙන් සිටියා
මාගේ නෙතු අද්දර ඔබගේ සිනහව මැවුණා
ඔබගේ හදවතටයි ආදරේ කරන්න හිතුණේ
මගේ මුළු හදින්

ඔබගේ ආදරයම මා සිත මන්මත් කෙරුවා
ඔබගේ හදවත තුල  මට ඉඩ ඇතිදෝ සිතුනා
මාගේ ජීවිතයම  සිහිනෙකැයි  සිතුණා
සිතේ ආදරයෙන්

සුන්දර සිහිනෙකැයි මා තනිවීලා ගියේ
ඔබමයි ඒ සිහිනයේ මාගේ කුමරිය වූයේ

ලස්සන දවසක මා 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.