ලස්සන අත්තටු මට දෙනවානම්lassana aththatu mata dhenawaanam

Lassana Aththatu Mata

Lyrics

ලස්සන අත්තටු මට දෙනවානම් 
ඈතට ඈතට ඉගිලෙන්න
මං ඔබව සොයාගෙන මොහොතින් එනවා
කැදැල්ල වෙත අරගෙන යන්න
පෙම් කිරිල්ලියේ ඔබ අහගෙන ඉන්නවද
මේ සුන්දර කතාවෙ තේරුම දන්නවද
මං ඔබට මොන තරම් ආදරෙයිද
ඔබ ආයෙත් අහනවද
නෑ මට විශ්වාසයි අපි දෙන්නා දැන්
දෙදනෙකු නොවෙන වග
අපි දැන් අපේ වග.......

මුකුලිත දෙනයන කතා කලා වගෙ
දැනුනා ඕ මට දැනුනා
සෙලවෙන හදවත හෙම්න් සැරේ
අත වැනුවා අත වැනුවා
එක අහසක් එකම සඳක් තනි තරුවක්
මං මොනවා කරන්නද
ඇත්තට මගෙ හිත හරි කලබල වෙනවා
මහා සාගරෙ වගේ පෙම මගෙ
හිත ඇතුලෙන් විප්ලවයක් වෙනවා
ඔබේ රුව ඉදිවෙනවා......


විකසිත මල් මත සුවඳ රේණු
ඉගි මැරුවා ඕ ඉගි මැරුවා
ඔය තොල්පෙති මත මගෙ දෑගිලි
දඟ කෙරුවා දඟ කෙරුවා 
මල් යායක් සොඳුරු පෙමක්
පොද වැස්සක් පෙමි වසන්තයක් වී
හරි ආදරායන් අපෙ ලොව සැරි සැරුවා
අදහා ගන්නත් බෑ මේ සුන්දර රැය
මම වෙම් හිම් කරුවා
ආදරෙ හිම් කරුවා........

ලස්සන අත්තටු මට දෙනවානමි........./

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.