ලස්සන අතීතයක්lassana athiithayak

Lassana Atheethayak

Music:
හෂාන් තිළිණhashaan thilina
Lyrics:
ප්‍රසන්න කුමාර ධම්මලගේprasanna kumaara dhhammalagee

Lyrics

පිරුණාට කඳුලක් - නොදැනීම දෑසේ
ඔබ ආයෙ ආයේ සිහිවෙලා
තිබුණාට රිදුමක් - ලෝකයට රහසේ
සඟවාන ඉන්නම් තනිවෙලා

මා පිදූ ආදරේ - හෙටත් මේ හදවතේ
මෙහෙම තියේවී ගියාට වෙන්වී 
ඔබ නොකියා සැඟවී
(ලස්සන අතීතයක්
අමතක වෙන්නෑ කවදාවත්
කොච්චර දුර උන්නත්
හිත නුඹ ගාවයි හැමදාමත්)..//

පියමැන්න කාලේ දැවටී ළඟින්
නොහැරෙන්න ආවේ කිසිදා මගින්
මුමුණාපු තාලේ සවනට හෙමින්
ඔය හිතට එන්නේ නැතුවද ඉතින්

මා පිදූ ආදරේ....

හැමදේම දෛවේ මත පවරමින්
ඔබ දුන්නු හීනේ බොඳ කරලමින්
මා අතැර දැමුවේ නොසිතූ ලෙසින්
කෙලෙසින්ද මැකුවේ මතකය හිතින්

මා පිදූ ආදරේ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.