Lyrics
ලස්සන අරලිය හෙවනේ
වෙල ඉද්දර ගල මුදුනේ
කිරිගරුඬින් නුඹ හිනහෙනකොට මම දැක්කා.....
ගලනා උණු කඳුළු අපේ
දැක කරුණා කරන අගේ
ගල උඩ පන්සල් යනකොට මග තොට දැක්කා.....//
වස් කාලෙට උඩ මළුවේ මල් ගංගාවයි
සඳුන් කලේ ආසාවෙන් බෝධිය නාවයි
නුඹ තාලෙට කවි කියනා විට මට ලෝබයි....
ගල උඩ කන්දේ දෙවියන් හට එය බාරයි....
ලස්සන අරලිය හෙවනේ..........
බෝ දළුවල පිණි කැට මල් පෙති යට හංගා
දෙවිවරු රහසේ ඇවිදින් බෝධිය වැන්දා
පැතුමක් නිතරම හද තුළ එකතැන රන්දා....
ආසාවෙන් මම ගල උඩ පන්සල වැන්දා....
ලස්සන අරලිය හෙවනේ..........