Lyrics
ලසොවින් දැවෙමින් හඬනා
මේ සංතාප ගීතේ
සැමරුම් කඳුලින් පෙගිලා
සෝ සංකාව වෑහේ...
ගිනිගත් සන්තානේ
රෑ අහසේ වෙලෙනා
සංවේගේ නෑ සීමා
මිහිරාවේ...
පියකරු සිහිනේ ඉර හද වැලපේ
මියගිය මතකේ කල තාලේ
යටි හිත යදිනා පෙම්වත් පහසේ
හිරිපත නෙතගේ රැදුනා...
(දැනෙනා වියෝගේ රෑ දිවා
සැනෙකින් නිවේවා මා නිසා
හැඟුමන් දැනේවා ජීවිතේ පුරා...//)
නිරුදක කතරේ සිහිලක් නොදැනේ
හිත ගිනි හුලගේ එතුනා ඉර මග අදුරේ
අරුතක් නොපෙනේ හිමිනැති දිවියේ සරනා...
මග යන්න සන්තාප ගීතේ
ඔබ එන්න කඳුලැල් නිවා
කිමිදෙන්න රිසිසේ රසෝගේ
පිබිදෙන්න අරුණක් වෙලා
නොගයන්න සන්තාප ගීතේ
ඔබ එන්න කදුලැල් නිවා
කිමිදෙන්න රිසිසේ රසෝගේ
පිබිදෙන්න අරුණක් වෙලා...