Lyrics

ලංකාරෙන් මලක් පිපී සැලෙන්නේ
බඹරෙක් එය පිළිකුල් කරන්නේ
සෝබා ධර්මේට නිඟා දෙවන්නේ

බඹරා නම් මල් රොනටයි දුවන්නේ
නිල මැස්සා ඇයි රොන් සොයන්නේ
සෝබා ධර්මේට නිඟා දෙවන්නේ

හීනෙන් ගැලවෙන්ටා බෑ හැංගිලා
ප්රේමෙන් ගැලවුම් බැහැ තරුණෙක් වෙලා

දුප්පත් පොහොසත් දෙපිළක් වෙලා
ප්රේමෙත් දැන් ඒ දෙපිලට බෙදීලා

තරුණියන්ට තරුණො ආදරෙයි
ඉසුරුදෙවිඳු ලිය හිතේ රකියි

රසැති කෑම ලොව බොහෝ තිබෙත්
හිඟන්නන්ට කොහෙන්ද උණු බත්
සෝකේට මුල් වෙන්නා
තණ්හාව ඕනෙ නෑ

ප්රේමෙන් ගැලවුම් බැහැ තරුණෙක් වෙලා
දුප්පත් පොහොසත් කුලයක් බලා
ප්රේමේ තවමත් නෑ වෙනසක් වෙලා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.