Lyrics
හදවත ගැඹුරේ ධීර චේතනා
මේ සිව් හෙළයේ දසත විසිරුවා
එක් වෙමූ - සුරකිමු - ලක් මෑණියන් සෑමදා
මේ ලොව බිහිවූ දිනයෙ සිට මෙමා
අවසන් හුස්මත් ගිලිහි යනතුරා
එක හෙළා පුදදෙමු - අපේ ජීවිතේ ලේ පවා
ශ්‍රී ලංකා භුමී නමදිමු සැවොමා
වන්දේ ලක් මෑණි සැමදා
ශ්‍රී ලංකා මාතා - පෑ විස්කම් බෝමා
ශ්‍රී ලංකා මාතා - රකිමී සැමදා
ශ්‍රී ලංකා මාතා - පෑ විස්කම් බෝමා
ශ්‍රී ලංකා මාතා - වඳිමී සැමදා
උරිනුර ගැටිලා බලය විහිදුවා
දාබිඳු හෙළලා සවිය පාමිණා
සැම දනා - දිවි දෙමූ - හෙළ භුමියේ නාමිනා
ඔදතෙද පාලා සිංහ ධජ හොවා
ලය පුද කරලා තේජසින් සැමා
හඬ නගා පවසමු - අභිමානයේ ගායනා
ශ්‍රී ලංකා භුමී නමදිමු සැවොමා
වන්දේ ලක් මෑණි සැමදා
(ශ්‍රී ලංකා මාතා - පෑ විස්කම් බෝමා
ශ්‍රී ලංකා මාතා - රකිමී සැමදා
ශ්‍රී ලංකා මාතා - පෑ විස්කම් බෝමා
ශ්‍රී ලංකා මාතා - වඳිමී සැමදා...//)