ළඟින් මගේ ඔබ සතපාlangin magee oba sathapaa

Langin Mage Oba Sathapa

Lyrics

ළඟින් මගේ ඔබ සතපා
හදින් මගේ කතා කළා
හදට ඔබේ නොදැණුනාද
මගේ ආදරේ
මගේ ආදරේ

ඇවිත් වගේ අඳුරු වලා
ඔබ ළඟ නෑ දුරස් වෙලා
පෙම් කළ හද වෙනස් වෙලා
මක් උනාද මේ
නැතුව ආදරේ
මගේ ආදරේ

ළඟින් මගේ ඔබ සතපා
හදින් මගේ කතා කළා

මගේ හදින් දුරස් වන්න
අන් හදකට පෙම් කරන්න
හදට ඔබේ හැකි උනාද
නැතුව ආදරේ
මගේ ආදරේ
මගේ ආදරේ

ළඟින් මගේ ඔබ සතපා
හදින් මගේ කතා කළා

අඳුරු වලාකුළක් වගේ
අඳුරුයි දැන් සිතද මගේ
අඳුරු වලාකුළක් වගේ
අඳුරුයි දැන් සිතද මගේ
මගේ කඳුළු පිසලන්නට
නොහැකි වේද ඔබේ හදට
පුදා ආදරේ
මගේ ආදරේ

අළුත් පෙමින් විඩා වෙලා
ආවෝතින් මාව සොයා
අතීතයට සමුදීලා
පිළිගන්නට හිඳියි බල
මගේ ආදරේ
මගේ ආදරේ

ළඟින් මගේ ඔබ සතපා..

හදට ඔබේ නොදැණුනාද
මගේ ආදරේ
මගේ ආදරේ
මගේ ආදරේ
මගේ ආදරේ
මගේ ආදරේ
ඔබ නැද්ද ආදරේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.