ළඟ නැති බව (කවදා හෝ)langa naethi bawa (kawadhaa hoo)

Langa Nathi Bawa (Kawada Ho)

Lyrics

ළඟ නැති බව දැනෙනවා එනමුත් හද අහනවා
ඔබ ඒවිදෝ කවදා හෝ...
ඔබ මගෙමයි හැඟෙනවා ආදරේ තව රැඳෙනවා
ඔබ ඒවිදෝ කවදා හෝ...

හුදකලාව මේ හිත හඬවනවා
සැමදා ජීවිතයේ තනිවේ දැයි සිතෙනවා
ඔබගෙන් ලද උණුසුම මට දැනෙනවා
තනිකම මාගේ ඉගිලී යනවා...

ළඟ නැති බව...

නෙතු පියාන මා ඔබෙ රුව මවනවා
හීනෙන් ඇවිත් මා දෑස සිඹිනවා
ඔබගේ සුසුම් මට තව දැනෙනවා
ඔබ දන්නෙ නෑ ආදරේ ගලනවා...

ළඟ නැති බව...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.