Lyrics
ළඳුනි නෑ අහිතක් මේ දෛවයේ වරදක්
යන්න සමුගෙන දෙන්න අවසර
ළඳුනි නෑ අහිතක්.......
මේ අහිමි හමුවීමක් එය නියත වෙන් වීමක්
මවා දුන්නේ නුඹයි දෑසට කඳුළු සාගරයක්........
ළඳුනි නෑ අහිතක්........
මේ අසම්මත ගමනක් නෑ කිසිදු පිළිසරණක්
රැගෙන යන්නම් අහිමි නුඹගේ එක සුවඳ බිඳුවක්.......
ළඳුනි නෑ අහිතක්........