ලන්ද දිගේ හැංගි හොරාlandha dhigee haengi horaa

Landa dige hangi hora

Music:
ස්ටැන්ලි පීරිස්staenli piiris
Lyrics:
කුලරත්න අරියවංසkularathna ariyawansa

Lyrics

ලන්ද දිගේ හැංගි හොරා සැඳෑ කාලයේ
රැන්දු සිනා ඇයිද මෙසේ මැකීලා ගියේ //

දෑත දරා පෙරදා කීව කතාවේ
දෑස රැඳේ තාම බැඳීලා
සීත රැයේ හඬනා දෑස ගියාවේ
දෑත ඔබේ ලෝකේ සොයාලා

ලන්ද දිගේ හැංගි හොරා සැඳෑ කාලයේ
රැන්දු සිනා ඇයිද මෙසේ මැකීලා ගියේ //

පාළු පැයේ මුමුණා ගීත ගැයේවා
පාළු සිතේ ශෝක නිවාලා
ජීවිතයේ තනි වී දෑත රැඳේවා
ආයේ ඔබේ දෑතේ බැඳීලා..

ලන්ද දිගේ හැංගි හොරා සැඳෑ කාලයේ
රැන්දු සිනා ඇයිද මෙසේ මැකීලා ගියේ //

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.