ළං වෙන්න බෑ ඔබ දුර නිසාlan wenna bae oba dhura nisaa

Lan Wenna Ba Oba Dura Nisa

Music:
දුලිප් මිරැන්ඩෝdhulip miraendoo
Lyrics:
ශාන් පැතුම්shaan paethum

Lyrics

ළං වෙන්න බෑ ඔබ දුර නිසා
හිමි වෙන්නෙ නෑ මගෙ නොවෙ නිසා
කඳුළක් නෙතේ තනිකම මකා මගේ ආදරේ

හැර ගිය නිසා මා තනිවෙලා
පැතුමක් සිතේ බොඳවී ගියා
සුසුමන් සිතේ අලු වී ගියා මගේ ලෝකයේ

හමුවේවි නම් කවදා හෝ සිහිනෙන් පවා
වරදක් වූවා නම් අයදිමි සමා 
කවුරුත් දන්නේ නෑ මා හඬන්නේ ඇයි කියා 
කාටත් දැනුනෙ නෑ මා හඬන්නේ ඇයි කියා //

තුරුලේ මගේ සිටියේ එදා
පැවසූ වදන් ගොලු වී ගියා
වෙන කෙනෙකුගේ පහසක් ලබා මගේ ආදරේ

සිහිවේවි නම් කවදාක හෝ 
මිය යන තුරා මතකේ රැඳේ
රිදවන්නේ නෑ ළං වෙන්නේ නෑ මගේ ආදරේ

හමුවේවි නම් කවදාක හෝ ....
ළං වෙන්න බෑ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.