ළංවෙලා වස්සානයේ උද්‍යානයේ පුරාlanwelaa wassaanayee udhyaanayee puraa

Lan Wela Wassanaye Dewani Inima

Lyrics

ළංවෙලා වස්සානයේ උද් ‍යානයේ පුරා
වෙන්වෙලා ගිම්හානයේ දුක් වේදනා දරා
කඳුලින්ම ගී ගැයූ සමනල් යාලුවේ අසන්
සිත් යාය මත අපේ...... මල් යාය යලි පිපේ

තෙත කදුලැලි රුදි නෙත මත සායම් රන්දා
සිත සිතුවිලි මත සිත සිත සිතුවම් අැන්දා
(රහසින් කොදුරා...හඳවත උඳුරා... // )
කඳුලින්ම ගී ගැයූ සමනල් යාලුවේ අසන්
සිත් යාය මත අපේ.... මල් යාය යලි පිපේ

තනියම තනි වී තැන තැන තනිකම විදිනා
තනිමට තනිකම නැතිවෙන දවසක් ඔි්නා
(හිත ළඟ එතිලා...මං ගැන හොයනා..... // )
කඳුලින්ම ගී ගැයූ සමනල් යාලුවේ අසන්
සිත් යාය මත අපේ... මල් යාය යලි පිපේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.