ළඟින් ඉන්නට නෑ වරම්langin innata nae waram

Lagin Innata Naa Waram

Music:
දර්ශන රාජමන්ත්‍රිdharshana raajamanthri
Lyrics:
නදී විජේසිංහnadhii wijeesinha

Lyrics

හිඳින්නට හිතුවත් ළඟින් 
ළඟින් ඉන්නට නෑ වරම්
වෙන්ව යන්නට කියනවා නම් 
(හිඳින්නේ නෑ තව ඉතින්......//)

හිත පුරා ඇඳි පෙම් සිතුම්
මතක පමණක් ඉතිරි නම්
මතකයක්වත් එපා මට
(මකාලන්නම් හදවතින්......//)

මේ භවේ ඔබ අහිමි නම්
හිමි නොවේවා මතු භවෙත්
මේ භවේ මගේ නොවේ නම්
(කුමට සෙනෙහස මතු භවෙත්......//)

හිඳින්නට හිතුවත්.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.