Lyrics
ඔබ එන්න සුළඟේ දැවටිලා
මා ඉන්නේ ඔබ දැන් එයි කියා
සුදු හංස තටුවේ සැතපිලා
පෙම් කරමු රහසේ සැඟවිලා
ලබැඳියේ.. ලබැඳියේ..
මා සිතුම් සිරකලා
ලබැඳියේ.. ලබැඳියේ..
මා සිතින් පෙම් කලා
නා දල්ල වාගේ දිදුලනා
මුතු හාදු වැස්සෙන් මා තෙමා
ඔය දෙතොල් අතරේ සිර වෙලා
මට ඉන්න ඇත්නම් තනි වෙලා
ලබැඳියේ.. ලබැඳියේ....
කිරි කවඩි මාලේ මා ගොතා
ඔය ගෙලේ පළඳා හැඩ බලා
මා වින්ද සතුටේ නිම් සොයා
ඔබ යන්න සුළඟේ අප තමා
ලබැඳියේ.. ලබැඳියේ....