ලා දළු බෝපත්laa dhalu boopath

Laa Dalu Bopath

Album
Asata Asuwana Maime
Music:
H M ජයවර්ධනh m jayawardhhana
Lyrics:
රඹුක්කන සිද්ධාර්ථ ථේරrambukkana sidhdhhaarthha thheera

Lyrics

ළා දළු බෝපත් සෙමින් සැලෙන සේ
යසෝදරා දේවී
වාවනු බැරි තැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී
ළා දළු බෝපත් සෙමින් සැලෙන සේ

ලේන කුලේ සිට ආගිය මග තොට
සිටියා නොසැලෙන පහන් ටැඹක් වී
නිවන් දකින තුරු මේ සංසාරේ
පසු පස ආවා සෙවණැල්ලක් වී

ළා දළු බෝපත්....

තැලී සෙනේ සිත සැලී හඬන විට
වැටී දෙපා ළඟ යශෝදරාවෝ
පිපී නිවන් මල් සාධුකාර දී
නිවී පහන් විය උදෑසනක් සේ

ළා දළු බෝපත්....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.