ලා සඳ එළියේlaa sanda eliyee

La sanda eliye

Lyrics

ලා සඳ එළියේ සඳට හොරා
ලා තණ නිල්ලේ නිලට හොරා //
ඔබෙ හද පිපි මල ඔබට හොරා
නෙලා ගතිමි මම මටද හොරා
ලා සඳ එළියේ සඳට හොරා

හිමිදිරි උදයේ හිරැට හොරා
සමනල විහඟුන් සැමට හොරා //
ලා තණපත් මත මුතු පිණි කැට මත
ඔබ කැන්දා එමි මහද කරා

ලා සඳ එළියේ සඳට හොරා
ලා තණ නිල්ලේ නිලට හොරා
ඔබෙ හද පිපි මල ඔබට හොරා
නෙලා ගතිමි මම මටද හොරා
ලා සඳ එළියේ සඳට හොරා

ඔබ මා ළඟ නම් දවස පුරා
ලතැවුල් නොතැනේ භවය තුරා //
දුක සැප එක ලෙස සමව දරා අපි
අතිනත් ගෙන යමු සසර සරා

ලා සඳ එළියේ සඳට හොරා
ලා තණ නිල්ලේ නිලට හොරා //
ඔබෙ හද පිපි මල ඔබට හොරා
නෙලා ගතිමි මම මටද හොරා
ලා සඳ එළියේ සඳට හොරා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.