Lyrics
ළා හිරු පායලා -පිපී මල් යායක් නෑවිලා
සෝ තැවුල් නිවනා හදවතේ ආදරේ උතුරා
උදා වෙලා උදා ඉරේ රිදී සිනා
නෙතකින් නෙතකට වෑහිලා
ඔබේ කඳුලේ සිනා වී - ඔබ සමඟ රැදේවා -ඔබේ සෙවනැල්ලයි මා
ළා හිරු පායලා -පිපී මල් යායක් නෑවිලා
රෑට පෙම් අරණේ හිමවතේ පාවෙනා පවනේ
නිසංසලේ පැතුම් සැළේ පියා සලා
සැනසුම් ලොවකට පාවෙලා