Lyrics
ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ
යශෝදරා දේවී...
වාවනු බැරි තැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී
ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ
ලේන කුලේ සිට ආගිය මඟ තොට
සිටියා නොසැලෙන පහන් ටැඹක් වී
නිවන් දකින තුරු මේ සංසාරේ
පසු පස ආවා සෙවනැල්ලක් වී
ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ....
තැලී සෙනේ සිත සැලී හඬන විට
වැටී දෙපා ලඟ යශෝදරාවෝ
පිපී නිවන් මල් සාධුකාර දී
නිවී පහන් විය උදෑසනක් සේ
ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ....