කුවණ්ණාkuwannaa

Kuwanna

Music:
භාෂි දේවංගbhaashi dheewanga
Lyrics:
යශෝධා අධිකාරිyashoodhhaa adhhikaari

Lyrics

ආවේ යාමේ මා පාවී සෙන්දම් වූ 
සිහිනේ සොයාලා...
දෑසේ මානේ පෑ නාරී සිත්තම් රූ
දැහැනේ දමා මා...

රාගී ඉඳුරාවී හිත බැඳුණා
මං නීල නුවන් හා
කෝලම් වුනා...
තඹපාන පුරා මා..
කුමරී ද කුවන්නා..

පෑරේ දේහේ මා ඈගේ හී පහරින්
රුහිරේ මවාලා...

මායාවී දෙනෙත ඉඟිපා
දෑස නොබලා මා...
රුදුරු සිනහා
දෙතොල මතුරාලා..
දැහැන් දැමුවා...
නුඹව හැරදා.
කිරුළු ලන දා..
සමා වෙමි මා...

දිවා රෑ හදේ ගිනි දැවීයන්
සුසුම් සැඩ සුළං වී නැගීයන්
හෙලූ උණු කඳුළු වල ගිලීයන්
සමා නෑ මගේ නම්...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.