කුසුම් පිපෙනkusum pipena

Kusum Pipena

Music:
රෝහණ වීරසිංහroohana wiirasinha
Lyrics:
සෝමරත්න දිසානායකsoomarathna dhisaanaayaka

Lyrics

චිත්‍රපටය : සිරි පැරකුම් (2013)

කුසුම් පිපෙන වසන්තේ 
බිඟුන් බමන වසන්තේ 
හැඟුම් මවන රැඟුම් රඟන 
සුගන්ධ මධු වසන්තේ 

උදාගිරේ ප්‍රභා කැලුම් නැගී 
ගලා හැලේ තුෂාරයෙන් පෙරී 
කැලෑ මලක් සුගන්ධදී සැලී 
සිනා සලයි ප්‍රබෝදයෙන් පිපී 

සර සඳක් සොළොස් කලා පිරි 
වළාකුලෙන් අහස් ගඟෙන් එබී 
විදා නැවුම් යොවුන් ලවන් පෙතී 
සිනා සලයි ප්‍රබෝදයෙන් පිපී 

කුසුම් පිපෙන...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.