Lyrics

කුරුලු පොඩිත්තෝ ආදර කුරුලු පොඩිත්තෝ 
කැදැල්ලේම සැගවි ඉන්න- අර ඈත පේන අහස් තලේ හරි භයානකයි
එපා පුතේ එහි පියඹන්න

නීල අහසේ නිදහස් බව පෙනුනට-සුළං කපොලුු එමට තියනවා
අත්තටු සවිනැති ඔබ ඒ සුළගට-අසුවුනොතින් ගහගෙන යනවා
පුංචිපුංචි මල් පිපිචිචි උදයක- සීත සුළංරොදක දැවටිලා
ඈතඈත පියඹන්නට දිනයක-ඔබටත් වරමක් හිමිවෙනවා
කුරුලු පොඩිත්තෝ---

වැඩිහිටියන් දෙන ඔවදන් ඉවතලා-හිතුමනාපෙ ඉගිල ගිහිල්ලා
එහාගෙදර බාල කුරුලු හුරතලා-සැඩ සුළගක අතරමංවෙලා
කෙතෙරමි ආසාව ඇතත් හිතුමතේ-වැඩකෙරුවොත් කරදර වෙනවා
මගෙ ඔවදන් පිලිපදින්න පොඩිපුතේ-මතුදිනකදි ඡය හිමිවෙනවා
කුරුලු පොඩිත්තෝ----

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.