කැරුළු පැටවුkaerulu paetawu

Kurulu Petau

Album
Akein Kapuruge Official
Music:
එඩ්වඩ් ජයකොඩිedwad jayakodi

Lyrics

කුරුළු පැටව් නිදාගනී මවගෙ තුරුල්ලේ
පිනි මුතු කැට එකට බැඳේ ලා දලු නිල්ලේ 
වලා රොදක් හෙමින් ඇදේ මද පවනැල්ලේ 
අන්න බලන් තරු යායක සඳ නැලවිල්ලේ

සක් දෙවිඳුන් අතින් ලොවට ගෙන හැර පෑවෝ 
පෝය හදේ සිල් ගෙන හඳ වතුරේ නෑවෝ
කැලේ ගිහින් උඳුපියලිය කොල ගෙන ආවෝ
අනේ ටිකක් සඳවත හැර ඵනවද හාවෝ

උඳුපියලිය කොලින් කොලේ ගෙන කවන්නම්
නෙක නෙක දේ අරගෙනැවිත් ඔබ සනසවන්නම්
හඳේ සිටන් ලොව දැකගන්නට පුලුවන්නම්
ඔබත් එක්ක ගෙදරින් අහලා මම එන්නම්

කුරුළු පැටව්…..

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.