කුරුළු ගමේ කුරුළු ගෙදරkurulu gamee kurulu gedhara

Kurulu Game Kurulu Gedara

Music:
පී. එල්. ඒ. සෝමපාලpii. el. ee. soomapaala
Lyrics:
චිත්‍රා සෝමපාලchithraa soomapaala

Lyrics

කුරුළු ගමේ කුරුළු ගෙදර කුරුළු කුමාරී
බඳින දවස මගුල අදයි යස හැඩකාරී...//

මනාලයා ආවම හැඩටම පිළිගන්නේ
මනාලියගෙ මෑණියෝ පෙරමගටයි යන්නේ
කුරුළු කුමාරියගේ මගුල අදය කිය කියා
ආ හැම‍ දෙන පිළිගන්නව හොටට හොට තියා...

කුරුළු ගමේ...//

මනාලයා ආවම එහි සිරිය මැවෙන්නේ
කුරුළු පොඩිත්තෝ ආසිරි ගීත ගයන්නේ
මහළු කුරුල්ලෙක් දෙන්නට අත්පැන් දෙන්නේ
යෙහෙළියො එක්වීලා මල් පියලි ඉසින්නේ...

කුරුළු ගමේ...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.