කුරුල්ලෝ නුඹේ තාලෙන්kurulloo numbee thaalen

Kurullo Nube Thalen

Music:
අර්නස්ට් සොයිසාarnast soyisaa
Lyrics:
ආචාර්ය අජන්තා රණසිංහaachaarya ajanthaa ranasinha

Lyrics

කුරුල්ලෝ නුඹේ තාලෙන්
පියාඹන්න ආසයි
පියාපත් කොහේ කොතැනින්
කොයින්දෝ ගෙනෙන්නේ...//
කියාපන් කුරුල්ලෝ

නෙළුම් මල් නෙළාලා
ගෙලේ මං පළන්දා
කිණ්නරාවි රූපෙන්
බලන් ඉන්නවා දැන්
හීන් බණ්ඩි ගොයමේ
ගිරා නිල් රටාවේ

කුරුල්ලෝ නුඹේ තාලෙන්
පියාඹන්න ආසයි
පියාපත් කොහේ කොතැනින්
කොයින්දෝ ගෙනෙන්නේ

ඉහල ගං දිහාවේ
ඇඹුල් පේර මාදං
පොකුරු බර වෙලා දැං
බලන් ඉන්නවාලු
සිංදු ගීත වන්නම්
ඔහේ කිය කියා යං

කුරුල්ලෝ නුඹේ තාලෙන්
පියාඹන්න ආසයි
පියාපත් කොහේ කොතැනින්
කොයින්දෝ ගෙනෙන්නේ...//
කියාපන් කුරුල්ලෝ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.