Lyrics
කුරුඳු සුවදැති සුළඟම
නැඹුරු වී මගෙ සුසුමට
අඬගසන තුරු ප්‍රථම ප්‍රේමය
සදා තරුණයි ජීවිතේ..
හද සිදුරු කළ ප්‍රථම ප්‍රේමය..
සොඳුරු පුවතයි ජීවිතේ..
සදා තරුණයි ජීවිතේ..
වෙනදා වගේම පුරහඳ..
පුරවරයට පා එනවිට...//
දැනෙන දුක නිදුකක් බව..
ගැඹුරු ලෙස දැනෙනව මට..
කුරුඳු සුවදැති සුළඟම....
නපුර වපුරන අදුරද..
පිදුරු අවුලයි මතකෙට.. //
කදුරු පුපුරයි හද තුළ..
ඒත් මිහිරී එය මට..//
කුරුඳු සුවදැති සුළඟම....